කිතුණුවන් ලෙස ව්‍යවස්ථා සංශෝධන ගැන සිතීම
- සංජිත් ඩයස්
ගෝඨා ගෙදර යන්න!
අපේ සමාජ මාධ්‍ය තුළ, රූපවාහිනී තිර සහ රට පුරා පෝස්ටර් වල අලවා ඇති වචන තුන මෙයයි. 2022 අප්‍රේල් 9 වන දින සිට, ගාලූමුවදොර විසින් ශ‍්‍රී ලංකාවේ නවතම ඉදිකිරිම් ව්‍යාපෘතියට සත්කාරකත්වය ලබා දී ඇත - එය නව තරු 7- සුපිරි හෝටලයක් නොව (මේ වතාවට පමණක්*, සාමාන්‍ය ජනතාව වෙනුවෙන් සහ ඔවුන් විසින් පිහිටුවන ලද විරෝධතා ගම්මානයකි. ඒ ගෝඨාගෝ ගමය. ශ‍්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ ප‍්‍රථම වතාවට සාමාන්‍ය පුරවැසියන් තම හඬ නැගීමටත්, තමන් එදිනෙදා මුහුණ දෙන දුෂ්කරතා ශබ්ද නගා පැවසීමටත්, තමන්ට මෙම ඉරණම අත්කර දුන් දේශපාලඥයන්ට ඉතා දැඩි අවඥාවෙන් සැලකීමටත් නොබියව සිටිති.
අපි මෙම තත්වයට පත්වුයේ කෙලෙසද? ලැයිස්තුගත කිරීමට නොහැකි තරම් දේශපාලන හා ඓතිහාසික වර්ධනයන් රාශියක් ඇති අතර, මෙම සිදුවීම් සඳහා සම්පූර්ණ පසුබිම සැපයීමට මා උත්සාහ කළේ නම්, ඔබ මෙය අවසානය දක්වා කියවන්නේ නැත! කෙසේ වෙතත්, මෙම වර්ධනයන් සොයා බැලීමට කැමති අයට, 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස තේරී පත්වීම, 2009 දී යුද්ධය අවසන් කිරීම, 2010 සිට දෙවන රාජපක්ෂ පරිපාලනය, 18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය, මහා පරිමාණ වංචා දුෂණ හා එම පරිපාලනයේ අවසාන කාලයේ තිබු ඥාති සංග‍්‍රහය ගැන බලවත් මහජන අප‍්‍රසාදය, 2015 දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ යහපාලනය ආණ්ඩුව තේරී පත්වීම, 19 වැනි සංශෝධනය, මහ බැංකු බැඳුම්කර වංචාව, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ (ශි‍්‍ර.ල.පො.පෙ ආරම්භය, 2018 ව්‍යවස්ථා විරෝධි කුමන්ත‍්‍රණය, 2019 පාස්කු ඉරිදා ප‍්‍රහාරය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මැතිවරණය, කෝවිඞ්-19, 2020 දී පොහොට්ටුව (ශි‍්‍ර.ල.පො.පෙ ආණ්ඩුවේ මැතිවරණය, 20 වන සංශෝධනය, 2019 බදු කප්පාදුව සහ රසායනික පොහොර තහනම ගැන සොයා බැලීමට අවශ්‍ය විය හැක.
මහජන කෝපය මූලික වශයෙන් යොමු වී ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ රාජපක්ෂ පවුලට එරෙහිවය. එහෙත් එම කෝපය මැද, විධායක ජනාධිපති ක‍්‍රමයේ අයහපත් බව පිළිබඳ සම්මුතියක් මතුව ඇති අතර එයට හේතුව දැවැන්ත බලයක් එක් පුද්ගලයකු අතට ඒකරාශි වී තිබිමයි. මේ නිසාම ගොඨාගෝගම හි එක් පොදු වාක්‍යයක් වූයේ ”කි‍්‍රයාවලියේ වෙනසක්” යන්නයි. අපැහැදිලි වුවත්, එහි එක් අර්ථකථනයක් වී ඇත්තේ විධායක ජනාධිපති ක‍්‍රමය මුළුමනින්ම අහෝසි කරන 21 වැනි සංශෝධනයක් සඳහා වන ඉල්ලීමයි. මෙම ඉල්ලීුමට ජනාධිපති රාජපක්ෂ ද ඇතුලූව සෑම අංශයකින්ම සහයෝගය ලැබී ඇත.
සමගි ජනබලවේගයේ (ස.ජ.බ ප‍්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින් පුද්ගලික මන්ත‍්‍රී පනතක් ලෙස ඉදිරිපත් කරන ලද 21 වැනි සංශෝධන කෙටුම්පත සහ නව අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ විසින් ඉදිරිපත් කර ඇති 22 වැනි සංශෝධනය (පාර්ලිමේන්තු භාවිතය නිසා නම් කරන ලද යන කෙටුම්පත් දෙකක් දැන් ගැසට් කර ඇත. 22 වැනි සංශෝධනය අමාත්‍ය මණ්ඩලය විසින් ඉදිරියට ගෙන යන බව පෙනෙන්නට තිබුණත්, 21 වන සංශෝධනය වඩාත් පුළුල් එකක් වන නිසාත්, - මා පෙන්වා දීමට යන පරිදි - ජනතා ඉල්ලීම්වලට වඩා වැඩි ප‍්‍රතිචාරයක් සහිත නිසාත්, පළමුවැන්න කෙරෙහි අවධානය යොමු කිරීමට මම සලකා බලමි. මෙම 21 වැනි සංශෝධනය මගින් හඳුන්වා දෙන ප‍්‍රධාන වෙනස්කම් මම මුලින්ම සාරාංශ කර ඒවායේ වැදගත්කම සාකච්ඡුා කරමි. ක‍්‍රිස්තියානීන් වශයෙන් අපට මෙම වෙනස්කම් දැකිය හැකි රාමුවක් ඉන් පසුව යෝජනා කරමි.
එහි සුවිශේෂ සංශෝධන පහත පරිදි වර්ගීකරණය කළ හැකිය: (1 - ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සහ පාර්ලිමේන්තු ක‍්‍රමයකට බලය පැවරීම; (2- පුද්ගලික වාසි තකා පැති මාරු කිරිමේ නිදහස සීමා කිරීම මගින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ ගණන් දිම වැඩි කිරීම; (3- ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන නැවත හඳුන්වාදීම.
1. ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම
2 වැනි ජනරජ ව්‍යවස්ථාව (1978 මගින් හඳුන්වා දුන් ජනාධිපති ක‍්‍රමය, පාර්ලිමේන්තුවේ බහුතර බලය මාරු විමකින් එහි ධූර කාලයට බාධාවක් නොවන, මහජනතාව විසින් සෘජුවම තේරී පත්වන ජනාධිපතිවරයකු ගැන දර්ශනයක් විය. දිගුකාලීන රාජ්‍ය ප‍්‍රතිපත්ති (විශේෂයෙන් ආර්ථික සංවර්ධනය පිළිබඳ ක‍්‍රියාත්මක කිරිම සහතික කිරීමේ මාර්ගයක් ලෙස මෙය සලකන ලදි. මේ තුලින් අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රජයේ ඉහළ නිලධාරීන් පත්කිරීමේ බලය ඇතුළු විශාල බලයක් ජනාධිපතිවරයා අත සංකේන්ද්‍රණය වී තිබීමත් දැකිය හැකි විය.
ඉන්පසුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව 17 සිට 20 සංශෝධන දක්වා දෝලනය වු අතර, ව්‍යවස්ථාදායක සභාව ඇතැම් පත්වීම් සිදු කිරීමට ජනාධිපතිවරයාට ඇති බලය පරීක්ෂකයෙක් ලෙස ක‍්‍රියා කල අතර (17 සහ 19 පාර්ලිමේන්තු සභාව - හුදු රබර් මුද්‍රාවක් ලෙස කි‍්‍රයාත්මක විය. (18 වන හා 20 වන).
21 වැනි සංශෝධනය (21 ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරිම දක්වා ගමන් කරයි. මේ තුලින් ජනාධිපතිවරයා තවදුරටත් මහජන ඡන්දයෙන් සෘජුව තෝරා පත් කර නොගෙන, පාර්ලිමේන්තුවෙන්ම තුලින් තෝරා පත්කෙරෙනු ඇත. පාර්ලිමේන්තුවට, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු හෝ වෙනත් පුරවැසියෙකු එම තනතුරට පත් කළ හැකි නුමුත් එම පුද්ගලයා ජනාධිපතිව සිිටින තුරු ඔහුට කිසිදු දේශපාලනයෙන් පක්ෂයක නිලතල දැරීමට හෝ සාමාජිකයෙකු වීමට නොහැකිය. ඔහු මේ අනුව දේශපාලනයෙන් වයුක්තව, නිර්පාක්ෂිකව කටයුතු කල යුතු බව අදහස් වේ. මේ හරහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කෙරෙහි ජනාධිපතිවරයාගේ පාලනය ඉවත් වෙන බැවින් මෙය සැලකිය යුතු වෙනසක් වේ.
ජනාධිපතිවරයාගේ බලතල සහ කර්තව්‍යයන් අඩු කිරීමට සමගාමිව, අගමැති සහ පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම සිදු වේ. අගමැතිවරයා කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා වනු ඇත. අමාත්‍යාංශ නිර්ණය කිරීම සහ විෂයන් සහ කාර්ය්‍යන් පැවරීම ඇතුළු ජනාධිපතිවරයාගේ බොහෝ තීරණවලදී ඔහු ක‍්‍රියා කළ යුත්තේ අගමැතිවරයාගේ උපදෙස් මතය. වර්තමානයේ පවතින දීර්ඝ කාලීන දෝෂාභියෝග ක‍්‍රියාවලියකින් තොරව පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රී සංඛ්‍යාවෙන් හරි අඩක් සම්මත කරන ලද යෝජනාවකින් ජනාධිපතිවරයාව ඉවත් කළ හැකිය.
දශක ගණනාවක් තිස්සේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බවට ජනාධිපති අපේක්ෂකයන් ප‍්‍රතිඥා දුන් නමුත් ඔවුන් තේරී පත් වූ පසු එය ඉටු කිරීමට අසමත් විය. මෙම සංශෝධනය තුලින් අතීතයේ සහ වර්තමානයේ ජනතාවගේ ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වන අතර, මෙය දිර්ඝ කාලයකට ප‍්‍රථම ඉටු කල යුතුව තිබු වෙනසක් සිදු කරයි. 22 වැනි සංශෝධනය (22 සංසන්දනය කිරීමේදී, මෙම ක‍්‍රමය අහෝසි නොකරන අතර, 19 වැනි සංශෝධනයෙන් පසු ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර බලය බෙදාගත් (පෙර පැවති තත්ත්වයට නැවත පැමිණීමට උත්සාහ කරයි. මෙම සංශෝධන දෙක අතර ඇති අතිශය තීරණාත්මක වෙනස මෙය වන අතර, 22 සංශෝධනය මහජනතාවගේ වර්තමාන ඉල්ලීම් සපුරාලීමට ප‍්‍රමාණවත් නොවන හේතුව ද මෙයයි.
2. පැති මාරු කිරීම සීමා කිරීම
21A හි පුද්ගලික ප‍්‍රතිලාභ සඳහා ”පැති මාරු කිරිමේ” අවස්ථාවන් ඉවත් කිරීමට ක‍්‍රියා කරන සංශෝධන ඇතුළත් වේ. මෙය දිගු කලක් මුළුල්ලේ පවතින ක‍්‍රමයේ දුර්වලතාවයක් වූ අතර මහජනතාව අතර විශාල අප‍්‍රසාදයට ලක් වූ කරුණකි. විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට විවිධ ඇමැතිකම් ලබාදීමේ පොරොන්දු මත පැති මාරු කිරිමට ආණ්ඩුව පෙළඹවිම් සිදු කරනු ලැබේ. මෙය 1978 සිට සෑම පාර්ලිමේන්තු කාලයකම පාහේ සිදු වූ අතර, 2018 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කුමන්ත‍්‍රණයේදී, 2020 දී 20 වැනි සංශෝධනයේදී සහ ඉතා මෑතක දී පවා, අගමැති රනිල් වික‍්‍රමසිංහ විසින් පිහිටුවන ලද ”නව” අන්තර්වාර ආණ්ඩුව පිහිටුවිමේදී ද දක්නට ලැබුණි.
මෙම සංශෝධන මගින් දේශපාලන පක්ෂ විසින් පැතිමාරු කරන මන්ත‍්‍රීවරුන්ට එරෙහිව ගනු ලබන විනය ක‍්‍රියාමාර්ගවලට අධිකරණයට මැදිහත් වීමට ඇති ඉඩකඩ අඩු කරන අතර - අධිකරණ තීන්දුව නොතකා - එවැනි මන්ත‍්‍රීවරුන්ට ඔවුන් පාර්ලිමේන්තුවට තේරුනු පක්ෂය හැර වෙනත් දේශපාලන පක්ෂයක් විසින් පිහිටුවන රජයක අමාත්‍ය ධූර භාර ගැනීමට නුසුදුස්සන් බවට පත්කරනු ලැබේ. මේ තුලින් විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ව ආකර්ෂණය කර ගැනීමට රජයට ඇති ඉඩ සැලකිය යුතු ලෙස අඩු වන අතර, විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට එසේ පැතිමාරු කිරීමට ඇති දිරිගැන්විම ද අනාගතයේදි සැලකිය යුතු ලෙස අඩු වනු ඇත. එහි ප‍්‍රතිඵලය ඔවුන් තමන්ට ඡන්දය දුන් ජනතාව ලබා දුන් ජනවරමට විශ්වාසවන්තව සිටීමට වැඩි ඉඩක් ඇත. 22A මෙම ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ගණුදෙනු නොකරයි.
3. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන නැවත හඳුන්වාදීම
21 වැනි සංශෝධනය මගින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව යළි හඳුන්වා දෙයි: මෙය ස්වාධීන කොමිෂන් සභාවලට සහ රජයේ ඉහළ කාර්්‍යයාලවලට පත්කිරීම් සම්බන්ධව තීරණ ගැනීමේ ක‍්‍රියාවලියට වැඩි දායකත්වයක් දිරි ගන්වන තීරණාත්මක ආයතනයකි. වර්තමානයේදී, පාර්ලිමේන්තු සභාවට නම් කරන ලද සුදුසු පුද්ගලයන් ගැන නිරීක්ෂණ ලබා දීම පමණක් කල හැකි බැවින් ජනාධිපතිවරයාට මෙම පත්වීම් ඒකපාර්ශ්විකව සිදු කළ හැකිය. ව්‍යවස්ථාදායක සභාවේ යාන්ත‍්‍රණය මඟින් පත්වීම්වලට වැඩි නීත්‍යානුකූලභාවයක් ලබා දෙන අතර, අදාළ නිලධාරීන් සහ ආයතන කෙරෙහි මහජන විශ්වාසය යළි ගොඩනැංවිය හැකිය.
21 A මඟින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) සඳහා ව්‍යවස්ථාපිත පිළිගැනීම නැවත හඳුන්වා දෙන අතර, විගණන සේවා කොමිෂන් සභාව සහ ජාතික ප‍්‍රසම්පාදන කොමිෂන් සභාව යළි හඳුන්වා දෙයි. මෙම ආයතන දුෂණයට එරෙහිව සටන් කිරීම සඳහා ගොඩනැංවිය යුතු සහ ශක්තිමත් කළ යුතු තීරණාත්මක ආයතන වේ - විශේෂයෙන්ම මහජන ණය බර වැඩි කරන සහ දුප්පත්ම බදු ගෙවන්නා විසින් දැරිය යුතු වන මහා පරිමාණ දුෂණය වැලැක්විමට මෙම ආඥා අත්‍යවශ්‍ය වේ. මෙම විධිවිධාන 20 වැනි සංශෝධනය මගින් ඉවත් කරන ලද අතර එමඟින් වත්මන් පාලනය තවදුරටත් නීති විරෝධී ස්වරූපයන් ගැනීමට සලස්වන ලදි.
අවසාන වශයෙන්, 21 A සංශෝධය, නව ආයතන දෙකක් හඳුන්වා දෙයි - එනම් ජාතික ආරක්ෂක මණ්ඩලය සහ රාජ්‍ය සභාවය. මෙම ආයතන ශ‍්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ සිදුවීම්වලට ප‍්‍රතිචාර ලෙස හදුන්වා දුන් ඒවා ලෙස සැලකිය හැකිය. පාස්කු ඉරිදා ප‍්‍රහාරයට ජාතික ආරක්ෂක කවුන්සිලයේ අකර්මණ්‍යතාවය ද වගකිව යුතුයැයි චෝදනා කර ඇත; 21 A මගින් එයට සම්බන්ධ විය යුත්තේ කවුරුන්ද යන්න පැහැදිලි කරන අතර එය ක‍්‍රියාත්මක වීම ව්‍යවස්ථාපිත අවශ්‍යතාවයක් බවට පත් කරයි. තවද, මෑත කාලීන මහජන විරෝධතා මින් පෙර කිසි දිනෙක නොදුටු පරිමාණයෙන් පුරවැසියන්ගේ සම්බන්ධවිමක් පෙන්නුම් කර ඇති අතර ප‍්‍රතිපත්ති සම්පාදනය සඳහා වඩාත් සෘජු මැදිහත්වීමේ කැමැත්තක් පෙන්නුම් කරයි. රාජ්‍ය සභාව තුලින් රජයට උපදෙස් ලබාදීමට මහජනතාවට අවස්ථාව ලබාදීමත්, රාජ්‍ය පාලනයට සෘජු මහජන සහභාගීත්වය ලබා
ගැනිමටත් පහසුකම් සපයනු ඇත.
කිතුණුවන් ලෙස 21A වෙත ප‍්‍රවේශ විම
මේ සියල්ල ගැන අප සිතිය යුත්තේ කුමක්ද? කිතුණුවන් වශයෙන් අපට මේ කිසිවක් වැදගත් විය යුතුද? මම හිතන්නේ එය එසේ විය යුතුයි.
යේසුස්වහන්සේගේ මනුෂ්‍යත්වය උන්වහන්සේගේ ගැලවීමේ කාර්්‍යයේ ආරම්භක ලක්ෂ්‍යය විය. උන්වහන්සේ ස්වර්ගයේ තේජස අත්හැර මනුෂ්‍ය ස්වරූපයක් ගත්තේ, අප අතර ජීවත් වීමටත්, අපගේ සියලූ හැඟීම් අත්විඳීමටත්, අපගේ වේදනාව සහ දුක් වේදනා බෙදා ගැනීමටත් අවශ්‍ය වු නිසාය. යේසුස්වහන්සේගේ අනුගාමිකයින් ලෙස, අප ද කැඳවා ඇත්තේ මාංශවත් ලෙස ජීවත් වීමටය - එනම් අපගේ සෙසු පුරවැසියන්ගෙන් වෙන්ව සිටීමට නොව, ඔවුන්ගේ සතුට හා දුක් වේදනා බෙදා ගැනීමට සහ ඔවුන් සමඟ සහයෝගයෙන් සිටීමටය. මෙයින් අදහස් කරන්නේ අප අවට සිටින අයට බාධා වන ඕනෑම දෙයක් අපට ද බාධාවක් විය යුතු බවයි. දුර්වල ආණ්ඩුව කිරීම ද මෙයට ඇතුළත් වේ.
21 වන ශතවර්ෂයේ ශ‍්‍රී ලංකාවේ පාලනය ගැන බයිබලයේ පවසන්නේ කුමක්ද? බොහෝ දේ පවසයි - නුමුත් අපි එය ප‍්‍රවේශමෙන් කියවා බැලිය යුතුය. අපට පැරණි ගිවිසුමේ ආදර්ශ අනුකරණය කළ නොහැක, එය අපෙන් බලාපොරොත්තු වන්නේ ද නැත. ඊශ‍්‍රායෙල් ජාතිය මුලින් දෙවියන්වහන්සේ විසින් සෘජුවම පාලනය කරන ලද දිව්‍යාණ්ඩුවක් වූ අතර, පසුව දෙවියන්වහන්සේට සහ උන්වහන්සේගේ ආඥාවන්ට කීකරු වනු ඇතැයි අපේක්ෂා කරන ලද රජෙකු සහිත රාජාණ්ඩුවක් විය. නමුත් පැහැදිලිවම, අද කිතුණුවන් දිරිගැන්විය යුත්තේ මෙය නොවේ. නුමුත් යහපත් පාලන ක‍්‍රමයක් කෙබඳු විය යුතුද යන්න ගැන බයිබලයේ ඕනෑ තරම් උපදෙස් අඩංගු වේ.
පළමුව, මුළු බයිබලයම මිනිසුන්ගේ වරදින සුළු සහ ඔවුන්ගේ පව්කාර ස්වභාවය ගැන කථා කරයි. මෙය කිතුනුවන්, පාලනය සහ නායකත්වය ගැන සිතන ආකාරයට බලපෑම් කල යුතු ප‍්‍රධාන මූලධර්මයකි. විශේෂයෙන්ම ශ‍්‍රී ලාංකීය දේශපාලනයේ, මිනිසුන් සෑම විටම ”ගැලවුම්කාර” චරිතයක් සෙවීමේ ප‍්‍රවණතාවක් තිබි ඇත: එනම් සෑම ගැටලූවක්ම විසඳා, ආර්ථික සමෘද්ධිය සහ මානව සමෘද්ධිය ලබා දෙන එක් පිරිමියෙකු හෝ කාන්තාවක් සොයමින් සිටි. නැවත නැවතත්, අපි දකින ප‍්‍රතිඵලවලින් කලකිරීමට පත් වී ඇත - නමුත් මේ ගැන කිතුනුවන් පුදුම විය යුතු නැත. මෙම භූමිකාවන්ට ඇතුළු වන පුද්ගලයින් වරදින සුළු අයයි. - ඔවුන් වැරදි පුද්ගලයින්ගෙන් උපදෙස් ලබා ගනී, ඔවුන් හරි දේට වඩා ජනප‍්‍රිය දේට ප‍්‍රමුඛත්වය දෙයි, ඔවුන් දුෂණය හා අයුක්තිය දෙස ඇස් පියාගෙන සිටිති. මේ අනුව, අපි ආණ්ඩු ක‍්‍රම ගැන සිතන විට, සියලූ මිනිසුන් පව්කාර බවත්, කිසිම මනුෂ්‍යයකු සෑම දෙයක්ම නිවැරදිවම කරනු ඇති බවට, විශ්වාස කළ නොහැකි බවත් අප මතක තබා ගත යුතුය.
දෙවනුව, ඊශ‍්‍රායෙල්වරුන් ප‍්‍රථම වරට රජෙකු ඉල්ලා සිටි විට, අනාගතවක්තෘ සාමුවෙල් එවැනි බලයක් එක් මිනිසෙකු තුළ සංකේන්ද්‍රණය කිරීමේ අන්තරායන් ඉතා පැහැදිලිව ප‍්‍රකාශ කළේය (1 සාමු. 8:10-22. එවැනි චරිතයක් අනිවාර්යයෙන්ම තමන්වම පොහොසත් කරගෙන, අන් අයගේ නිදහස පාගා දමන ආකාරය ඔහු පෙන්වා දුන්නේය. රජු දෙවියන්වහන්සේගේ අපේක්ෂාවන් අනුගමනය කළ කෙනෙකු වුවද මේ දේවල් සිදුවනු ඇත. කෙසේවෙතත්, ඊශ‍්‍රායෙල් ජාතිය මෙම අනතුරු ඇඟවීම් ප‍්‍රතික්ෂේප කළ අතර, ”සියලූ ජාතීන්ට සමාන විම උදෙසා, ” දෙවියන්වහන්සේගේ සෙනඟ යන ඔවුන්ගේ සුවිශේෂි ලක්ෂණ අත්හැරිමට තීරණය කලහ. බලය සංකේන්ද්‍රණය වීම පිළිබඳ අනතුරු ඇඟවීම් අදටත් සත්‍ය වේ: ලොව පුරා සහ අපගේ දේශයයේ පවා, තනි පුද්ගලයෙකුට ඕනෑවට වඩා බලය ලබා දීමේ ප‍්‍රතිවිපාක අපි දැක ඇති අතර, ඕනෑවට වඩා බලය ඇති වරදින සුළු මිනිසුන්ට එය පහසුවෙන් අපයෝජනය කර, මුළු සමාජයටම හා ඉන් එහාට අති භයානක විය හැකි ආකාරය අපි අත්දැක ඇත්තෙමු. දුර්වල සහ අවදානමට ලක්විය හැකි, “වැන්දඹුවන්, අනාථයන් සහ විදේශිකයන්” කෙරෙහි ඇති දෙවියන්වහන්සේගේ විශේෂ සැලකිල්ල දැක්විමට ද මෙමගින් බාධා වේ.
තෙවනුව, ගණන්දිමේ වැදගත්කමෙන් බයිබලය පිරී ඇත. පැරණි ගිවිසුමේ රජවරුන්ගේ සමයේදි, මෙම තීරණාත්මක කාර්්‍යයභාරය අනාගතවක්තෘවරුන් විසින් ඉටු කරන ලද අතර, ඔවුන් රජවරුන්ව දෙවියන්වහන්සේ ඉදිරියේ වගවිමකට ගෙනෙමින්, ඔවුන් ඊශ‍්‍රායෙල් ජනයා නොමඟ යවන විට දෙවියන්වහන්සේගේ අප‍්‍රසාදය පළ කළහ. එක් අතකින්, ඔවුන් එකල සිටි විරුද්ධ පක්ෂය විය (නාතන්, ඒ මිනිසා ඔබයි!” - 2 සාමු 12:7 යන ප‍්‍රබල වචන සමඟ බැත්ෂෙබා සම්බන්ධයෙන් දාවිත් රජුගේ පාපයට මුහුණ දුන් ආකාරය ගැන සිතන්න. ක‍්‍රියා පොතෙහි, යෙරුසලමේ කවුන්සිලය කිතුණු නව පණිවිඩය පතුරුවා හැරීමට නායකත්වය ලබා දුන් අතර (ක‍්‍රියා 15, පාවුල් තමාගේ එළිදරව්ව ඔවුන් වෙත ගෙන යාමෙන් ඔවුන් දුටු සහ අත්විඳින ලද දෙයට එම එළිදරව්ව අනුකූල බව තහවුරු කිරීමට ගණන් දිමෙන් බැදුනි. (ගලාති 2 එමෙන්ම, අන්‍යජාතිකයන්ට සැලකීමේදී පේතෘස්ගේ දෙබිඩි පිළිවෙත ගැන පාවුල් විවෘතව ප‍්‍රශ්ණ කල ආකාරය අපි කියවමු (ගලාති 2:11-21). මේ අනුව, ශ්‍රේෂ්ඨ දාවිත් රජු (දෙවියන්වහන්සේගේ සිතට එකඟ වූ මිනිසෙක් සහ සභාවේ පළමු නායකයා වූ පේතෘස් මෙන් සියලූ මිනිසුන් ගණන් දීමට බැදිය යුතු බව අප මතක තබා ගත යුතුය. බලයේ සිටින පුද්ගලයින් අපි කැමති නායකයන් වුවත් නැතත්, ඔවුන් අසමත් වූ විට, අප අපක්ෂපාතීව එම ආධිපත්‍යය වෙත සත්‍යය කතා කිරීමට කැමැත්තෙන් සිටිය යුතුය.
මනුෂ්‍යයාගේ වරදින සුළු බව. බලය සංකේන්ද්‍රරනය කිරීමේ අන්තරාය. ගණන් දීමේ වැදගත්කම. 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුලින්, සර්ව බලධාරී ජනාධිපතිවරයා බල රහිත කිරීම, පාර්ලිමේන්තුව නම් වඩාත් වගකියන ශාඛාව වෙත බලය මාරු කිරීම සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය , වගවීම ප‍්‍රවර්ධනය කරන තීරණාත්මක ආයතන පිහිටුවීම යන තුනම සම්බන්ධ කර ගැනීම දැකිය හැකිය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවාදයේ මෙම පැති ගැන කතා කිරීමේදී සහ අවසානයේ ඉදිරිපත් කර සම්මත කර ගන්නා කුමන සංශෝධනයකට ඒවා ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටීමේදී සභාවට කාර්්‍යයභාරයක් ඇත. එමෙන්ම එහි සාමාජිකයින් අතර මේ ගැන දැනුවත්භාවය ඇති කිරීමටත්, ක‍්‍රිස්තියානි කාචයක් හරහා මෙම ගැටළු දැකීමට දිරි ගැන්විම සහ මෙම ක‍්‍රියාවලියට සහාය වීම සඳහා පුරවැසි ක‍්‍රියාකාරීත්වයේ නියැලීමටත් සභාවට ක‍්‍රියා කළ හැකිය. නමුත් සංශෝධනයෙන් පමණක් අපේ සියලූ ප‍්‍රශ්න විසඳෙන්නේ නැත. කිතුනුවන් වශයෙන්, මාංශවත් ලෙස ජීවත් වීම යන්නෙන් අදහස් කරන්නේ , අප මෙම අභියෝග සමග සම්බන්ධව සිටිය යුතු බවයි. අපට හැකි ඕනෑම ආකාරයකින් මෙම ආයතනවලට සහය විය යුතු අතර, සියලූ පුරවැසියන්ට - විශේෂයෙන් කොන් වි සිටින අයට - සමෘද්ධිමත් වීමට සහ අර්ථයෙන් හා අභිමානයෙන් යුතුව ජීවිතයක් ගත කිරීමට ඉඩ සලසන නව දේශපාලන සංස්කෘතියක්
ප‍්‍රවර්ධනය කිරීමට ද කටයුතු කළ යුතුය.